පිළිකාව සුවකළ හැකි ප්‍රතිකාරයක්

පිළිකාව නිට්ටාවට සුවකළ හැකි විප්ලවීය ප්‍රතිකාරයක් සාර්ථකව අත්හදා බැලීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ. සුවකළ නොහැකි ලියුකේමියා රෝගයෙන් පීඩා විඳි ඇලීසා නම් තරුණියට බ්‍රිතාන්‍යයේ “ග්‍රේට් ඕමන්ඩ් ස්ට්‍රීට්” රෝහලේ වෛද්‍යවරුන් විසින් ඇයගේ සිරුරේ තිබූ පිළිකා කාරක ටී සෛල මරා දැමීමට හැකි නව ටී සෛල වර්ගයක් සිරුර තුළම නිර්මාණය කළ බවත් සඳහන්ය.
බේස් එඩිටින්ග් නම් නව තාක්ෂණය යොදාගෙන ජාන කේත විශාලනය කර නරඹා, ජාන වෙනස් කිරීමට ලක්කිරීම එම ප්‍රතිකාරය මගින් සිදුකර තිබුණි.
පසුගිය මැයි මාසයේදී ඇය ටී සෛල ආශ්‍රිත ලියුකේමියා රෝගයෙන් පෙළෙන බවට හඳුනාගත් අතර නව ප්‍රතිකාරයෙන් මාස 6කට පසු ඇලීසාගේ පිළිකාව සුව වී තිබේ.