
නීති විරෝධීව අයථා ලෙස මුදල් ඉපයීම සහ සාමාජිකයින් බඳවා ගැනීම සිදු කරන පිරමීඩ ජාවාරම විවිධ නම්වලින් යළි හිස එසවීමේ අවදානමක් මතුව තිබේ.
පිරමීඩ ජාවාරමට සාමාජිකයින් බඳවා ගැනීමට සංවිධානාත්මක පිරිස් මේ දිනවල ගම් සහ නගර මට්ටමින් සිය ප්‍රචාරණ කටයුතු සිදු කරමින් පවතින අතර විශේෂයෙන් සාමාජිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා යු.ටියුබ් නාලිකා සහ වට්ස්ඇප් කණ්ඩායම් මගින් තොරතුරු බෙදා හැරීම සහ සන්නිවේදන කටයුතු සිදු කරමින් පවතී. මෙම පිරමීඩ ජාවාරමේ ප්‍රාදේශීය මොළකරුවන් ආකර්ෂණීය දේශන පවත්වමින් ජනතාව මුලා කිරීමට උත්සාහ දරමින් සිටින අතර මෙම සංවිධානාත්මක ජාවාරම නුතන සන්නිවේදන ක්‍රම හරහා වඩාත් ශීඝ්‍රයෙන් ජනතාව අතරට යාම නිසා පිරමීඩ ජාවාරමේ මිට පෙර පැවති තත්ත්වයට වඩා වේගවත් ස්වරූපයක් ගෙන තිබේ.
මෙම ජාවාරමේ ප්‍රාදේශීය නායකයින් විසින් යුද හමුදා සේවයේ නියුතු වුවන්, යුද හමුදා විශ්‍රාමිකයින් සහ දැනට පාසල් අධ්‍යාපනයට සමගාමීව වට්ස් ඇප් ජාලය හරහා සක්‍රීයව පවතින පාසල් දරුවන්ගේ මව්පිය කණ්ඩායම් , තරුණ ව්‍යාපාරිකයින් ඉලක්ක කර ගෙන ප්‍රචාරක කටයුතු ගෙන යමින් සිටී. කෙසේ වෙතත් පිරමීඩ ක්‍රමය යටතේ මුදල් ඉපයීම සඳහා වු නිතී විරෝධි ජාවාරම මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ මහ බැංකුව ඇතුළු රාජ්‍ය ආයතන මඟින් ලබා දුන් පණිවුඩ හේතුවෙන් ජාවාරම අඩපණ විය. නමුත් යළි මෙම ජාවාරම හිස ඔසවමින් පවතින අතර ඇතැම් සංවිධානවල ගිණුම්වලට විදෙස් රටවලින්වලින් මුදල් ලැබෙන බැවින් අනිසි බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවන පවසා මෙම නීති විරෝධි ජාවාරම්වලට සාමාජිකයින් බඳවා ගැනීම අඛණ්ඩව සිදු වෙමින් පවතී.
පිරමීඩ ජාවාරම පිළිබඳව නීතිමය තත්ත්වය නොදන්නා ඇතැම් අය මීට හසුවීමට ඉඩ ප්‍රස්ථා ඇති අතර ඉක්මනින් දියුණු වීමේ මඟක් ලෙස මෙම හඳුන්වා දුන්න ද ජාවාරමේ මොළකරුවන් පමණක් තර වන කූට ව්‍යාපාරයක් බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි.
සකුන්තලා ජයසිංහ