පෑලියගොඩ මාලු මිළ බසී.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මාළු මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව සැලකිය යුතු අගයකින් පහත වැටී තිබෙන බව දක්නට ලැබේ.
පසුගිය සතියේදී රුපියල් 1800 කට අලෙවි වූ තලපත් කිලෝග්‍රෑමයක තොග මිල මෙම සතියේ දී රුපියල් 1400 දක්වා අඩු වී ඇත.

බලයන්, ලින්නන්, අලගොඩුවන්, ඉස්සන්, සාලයන් පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේදී රුපියල් 200 කින් පමණ මිල අඩු වී ඇති බව දක්නට ලැබේ.ඒ අනුව බලයන් කිලෝග්‍රෑමයක් රුපියල් 600 කටත්, ලින්නන් රුපියල් 750 කටත්, අලගොඩුවන් රුපියල් 600 කටත්, ඉස්සන් රුපියල් 1600 කටත්, සාලයන් රුපියල් 350 කටත් මේ වනවිට අලෙවි වේ.

කෙසේ වෙතත්, මේ දිනවල පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පාරිභෝගිකයන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවද එහි වෙළඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ කියා සිටියා