පාසල් සිසුවියන්ගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය ඉහළට

මත්ද්‍රව්‍යවලට අබ්බැහිවීම් පිළිබඳව නාගරික පාසල් ආශ්‍රිතව වාර්තා වුවද වර්තමානය වනවිට එය ග්‍රාමීය පාසල් දක්වා වර්ධනය වී ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. මේ හේතුවෙන් පාසල් සිසුවියන් ද මත්ද්‍රව්‍යවලට අබ්බැහිවීමෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණිමේ අවස්ථා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සඳහන් ය.
පාසල් වයසේ සිටින්නන් මත්ද්‍රව්‍යවලට අබ්බැහිවීමේ ප්‍රවණතාව වර්ධනයවීමක් දක්නට ලැබෙන බව සඳහන් කරන ඒ මහතා, මෙය වැළැක්වීම සඳහා ජාලගත සැලැස්මක් අවශ්‍ය බවද සඳහන් කළේය. ළමුන් 13,000කට අධික සංඛ්‍යාවක් ළමා නිවාසවල රැඳී සිටින්නේ දෙමව්පියන් මත්ද්‍රව්‍යවලට අබ්බැහිවීම ඇතුළු කාරණා හේතුවෙන් බවත් ඔවුන්ගෙන් බොහෝ පිරිසක් අපයෝජන සිද්ධීන් හේතුවෙන් රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.