
පාසැල් පෙළ පොත් සහ පාසැල් නිල ඇඳුම් සඳහා වැයවන මුදල වසරක් තුළ සිව්ගුණයකින් ඉහළ ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ පෙළපොත් මුද්‍රණයට ඉකුත් වසරේ රුපියල් බිලියන 4.5 ක් වැයවුවද මේ වසරේදී එම මුදල රුපියල් බිලියන 16 ක් දක්වා වැඩිවී ඇති බවයි.
පාසැල් නිල ඇඳුම් සඳහා ඉකුත් වසරේ රුපියල් බිලියන 3 .5 ක මුදලක් වැයවුවද මේ වසරේදී එම මුදල රුපියල් බිලියන 12 ක් දක්වා වැඩවී ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි පාර්ලිමේන්තුවේදී අද අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.