
මයන්ත ඉල්ලා අස්වෙන බව කථානායකට දැනුම් දෙයි
පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇත. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අද සිට ලබන 10 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවය.
විපක්ෂය විසින් කරන ලද යෝජනාවකට අනුව “සර්ව ජන ඡන්ද බලය” පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය මාර්තු මස 9 සහ 10 යන දෙදින විවාදයට ගැනීමට නියමිත බවද සඳහන්.
මෝටර් වාහන පනත යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍ර කිහිපයක ඇති නියෝග අද විවාදයට ගැනීමට නියමිතය. අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් පනවන ලද ගැසට් පත්‍රයේ සදහන් නීතීන් විවාදයකින් තොරව සම්මත කර ගැනීම හෙට දින සිදු කරන බව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද සිට අනිද්දා දක්වා රැස්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මේ අතර රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම ලිඛිතව කථානායකවරයා වෙත දැනුම් දී ඇත.
අද (07) පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමෙන් පසුව කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
