පාර්ක් රෝඩ් ගොඩනැගිල්ලකින් වැටී තරුණයෙක් මියයයි

හාලිඇළ, පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකු නාරාහේන්පිට පාර්ක් රෝඩ් හි ඉදිකෙරෙන සිව්මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් මිය ගොස් ඇතැයි නාරහෙන්පිට පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා ඊයේ රාත්‍රී ගොඩනැගිල්ල තුළ මත්පැන් පානය කර ඇති අතර කිසියම් අවශ්‍යතාවයක් සඳහා තෙවන මහල කරා යාමේදී අනාරක්ෂිත ස්ථානයකින් පහළට වැටී එම අනතුර වී ඇති බව පොලීසිය පවසයි.
එම ගොඩනැගිල්ලේ සේවය කරන අනෙක් පුද්ගලයන් දෙදෙනා පසුදින පෙරවරුවේ මොහු අධික රුධිරය වහනයත් සමඟ වැටී සිටින බව ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුට දැනුම් දීමෙන් අනතුරුව ඔහු පොලීසියට දැනුම්දී ඇති බව ද වාර්තා වේ.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ පොලිස් රෝහලේදී පැවැත්වීමට නියමිතය.