
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. උන්වහන්සේ ඇතුළත් කර තිබෙන්නේ රෝමයේ ජෙමෛලි රෝහලටය. දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනු ඇති බවත් වාර්තා වේ..
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සමීපතමයින් සහ ආරක්ෂකයින් ද උන්වහන්සේ සමඟ රෝහලේ රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
උන්වහන්සේ දින කිහිපයක සිට ශ්වසනය කිරීමේ යම් අපහසුතාවක් ඇති බව තම සමීපතමයන්ට දන්වා ඇති අතර මෙය කොවිඩ් රෝගී තත්ත්වයක් නොවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.