පාන් මිල රු. 10කින් අඩු වෙයි

අද (8) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

පාන් ගොඩියක් රුපියල් 150 සිට රුපියල් 180 දක්වා විවිධ මිල ගණනවලට අලෙවි වන බැවින් එම ඕනෑම මිලක් රුපියල් 10 කින් අඩු කළ යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.

බනිස් වර්ග ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල සම්බන්ධයෙන් බේකරි හිමියන්ගේ සංගමය තවමත් තීරණයක් ගෙන නොමැති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.