පළාත් පාලන මැතිවරණය යළි කල් යයි ?

පළාත් පාලන මැතිවරණය නැවතත් කල් යෑමට ඉඩ ඇති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.

පළමු වරට පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමේ දිනය ලෙස මාර්තු මස 09 වන දා ප්‍රකාශයට පත් කෙරුණු අතර පසුව එය අප්‍රේල් මස 25 වනදාට කල් යන ලදී.

නමුත් මේ වෙන තෙක් ඒ සඳහා සූදානමක් පෙනෙන්නට නැති අතර අප්‍රේල් මස 25 වන දිනට තවත් මාසයකට අඩු කාලයක් තිබීම හේතුවෙන් මෙවර ද මැතිවරණය විමසීම කල් යනු ඇති බවයි වාර්තා වන්නේ. එහෙත් මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිල නිවේදනයක් නිකුත් කර නැත.

ජන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ලබා නොදීම මැතිවරණය කල් යෑමට හේතුව බවයි සඳහන් වන්නේ. පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවනු ඇති බව මීට පෙර මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.