පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව ලකුණු 355යි

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 355ක් රැස්කර ගත්හ.
තරගය ඊයේ දිනයට නතර කරන විට ශ්‍රි ලංකා කණ්ඩායම කඩුළු 06ක් දැවී ලකුණු 305ක් ලබා ගෙන සිටියහ.

කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 50 ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අර්ධ ශතක ලබා ගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක්, ධනංජය ද සිල්වා ලකුණු 46ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වූහ.

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 355ක් රැස්කර ගත්හ.
තරගය ඊයේ දිනයට නතර කරන විට ශ්‍රි ලංකා කණ්ඩායම කඩුළු 06ක් දැවී ලකුණු 305ක් ලබා ගෙන සිටියහ.

ලකුණු 64කට කඩුළු 05ක් දවා ගත් ටිම් සවුති ඉදිරියෙන් සිටි අතර මැට් හෙන්රි ලකුණු 80කට කඩුළු 4ක් ලබාගත්තේය.