පසුගිය කාල සීමාවන් 3ක දී H.I.V.අසාදිතයන් 429 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ එඩ්ස් මර්දන වැඩසටහනේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රජා විශේඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා පවසන අතර එම අසාදිතයන් අතරින් 35% ප්‍රමාණයක් අවුරුදු 15-30 අතර වයසේ පසුවනන් බවත් ඉන් බහුතරයක් පිරිමි පාර්ශවය බව ද ඔහු පැවසීය.
පිරිමි අසාදිතයන් වැඩි වීමේ ප්‍රවණතාවක් පෙන්නුම්කරන බව පවසන ඔහු මේ හේතුවෙන් H.I.V. අසාදිතයන්ගෙන් 50%ක් පිරිමි සමලිංගික සම්බන්ධතා පවත්වන අය බවද සඳහන් කරයි.
පසුගිය වසර අවසන් වන විට දිවයින පුරා හමු H.I.V.අසාදිතයන් සංඛ්‍යාව 3,600ක් වන විට මේ වසරේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් හමුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.
