සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ සැමියා අනතුරුව ගෙළ වැළලාගෙන සියදිවි තොරකරගෙන තිබේ.
අක්මීමන, මාදොල ප්‍රදේශයේ දී අද පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර සැමියාගේ සිරුර නිවසේ කාමරයක් තුල තිබු අතර කාන්තාවගේ සිරුර නිවසේ මුළුතැන් ගෙයි තිබෙනා බව අක්මීමන පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධව අක්මීමන පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර ඝාතනයට හේතුව වී ඇත්තේ පවුල් ආරවුලක් බව පොලිසිය සඳහන් කරයි. මියගිය යුවළට දරුවන් දෙදෙනෙකු සිටින බවද අනාවරණයවී ඇත.
