පලාගිය රියදුරා පොලිස් අත්අඩංගුවට

කොල්ලුපිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුකර රටින් පලා ගොස් සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන වයස අවුරුදු 26ක තරුණයා කටුනායක ගුවන් තොටුපලේදී ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
අනතුර සිදු වූ පසුගිය සෙනසුරාදා(10) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලෙන් ඩුබායි පලා ගොස් ඇති බවට අනාවරණය වීමෙන් පසු ඊයේ (12) රාත්‍රී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී ආගමන හා විගමන නිලධාරීන් විසින් සිය බාරයට ගැනීමෙන් පසු පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.
මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.