“පරිප්පුවා”ට වෙඩි තබයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මානවඩුගේ අසංක නොහොත් “පරිප්පුවා”ට වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කර ඇතැයි වාර්තා වේ. මෙම සිද්ධිය වාර්තා වන්නේ වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයනි. මේ සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලම්පිටිය පොලිසිය විසින් කරන ලද විමර්ශනයන්ට අනුව සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනය සිදුකිරීමට සැලසුම් කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වෙඩිතැබීම සඳහා භාවිත කළ යතුරුපැදියේ පැදිකරු ද ඉහළ බෝමිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අවුරුදු 28ත් 34ත් අතර වයස්වල පසුවන සැකකරුවන් තිදෙනා අද (13) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වෙඩිතැබීම සඳහා උපයෝගි කර ගත් යතුරුපැදිය ද බොරැල්ල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.