එංගලන්තය සහ පාකිස්තානය අතර ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී වාර්තා රැසක් තබන්නට එංගලන්ත කණ්ඩායම සමත් විය.
පළමු දිනය අවසන් වනවිට එංගලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 506ක් රැස්කර තිබුණු අතර .
එය කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී පළමු දිනයේදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක්වෙයි.
තවද එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජැක් ක්‍රෝලි 122, බෙන් ඩකට් 107, ඔලී පෝප් 108 සහ හැරී බ්රූක් නොදැවී 101ක් වශයෙන් ශතක 4ක් රැස් කළහ.
එය වාර්තාවක් ලෙසින් ඉතිහාසගත වුයේ පළමු දිනයේදී ටෙස්ට් ඉනිමකදී ටෙස්ට් ශතක 4ක් රැස්කළ පළමු අවස්ථාව මෙය වූ බැවිණි