පරණ පෙම්වතියගෙන් සල්මන්ට අලුත් චෝදනා

90 දශකයේ සල්මන් ඛාන් සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ බවට කටකතා පැතිර ගිය සෝමි අලී ශාරීරික හිංසනය සහ ලිංගික හැසිරීම් සම්බන්ධයෙන් සල්මන්ට නැවත වතාවක් චෝදනා කර තිබේ.
පකිස්ථානයේ උපන් නිළි සෝමි අලී 90 දශකයේ සුපිරි නළු සල්මන් ඛාන් සමඟ පෙම් සබඳතාවක් පවත්වන බවට කටකතා පැතිර ගිය අතර හින්දි චිත්‍රපටවල රංගනයට සම්බන්දවීමෙන් ඉතා කෙටි කාලයකට පසු ඇය 1999 දී ඉන්දියාව හැර ගොස් ගෘහස්ථ අපයෝජනයන්ගෙන් කාන්තාවන් මුදා ගැනීම සඳහා ඇයගේ No More Tears ආරම්භ කළාය. ඇය මේ වන විට මකා දමා ඇති පෝස්ටුවෙන් ශාරීරික හිංසනය සහ ලිංගිකත්වය සම්බන්දයෙන් නැවත වරක් සල්මන්ට චෝදනා කලාය .