පරණම රස්සාව කළ අලුත් පහක් කොල්ලුපිටියෙන් අල්ලයි

පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරකට අනුව සිදු කල වැටලීමකදී, කොල්ලුපිටිය හෝටලයක සිදුකරගෙන ගොස් තිබූ ගණිකා ජාවාරමක් වටලා තායි තරුණියන් 5 දෙනකු සහ කළමනාකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

ප්‍රභූ පුද්ගලයන් නිරතුරුවම පැමිණෙන, කාන්තාවන් මුදලට අලෙවි කරන මධ්‍යස්ථානයක් ලෙසින් සිදුකරගෙන ගොස් ඇති මෙය වටලා ඇත්තේ පොලිස් උපාය දූතයකු මාර්ගයෙනි.

සංචාරක වීසා මත සහ රැකියා වීසා මත මෙරටට පැමිණ තිබූ තායි තරුණියන් වයස අවුරුදු 20 සහ 30 අතර පසුවන්නියන් වන අතර ඔවුනගේ ඒ මොහොතේදී ඔවුන්ගේ ගමන් බලපත්‍ර පවා නොතිබූ බව පොලීසිය කියයි

වැඩිදුර විමර්ශන කොල්ලුපිටිය පොලීසිය විසින් පවත්වාගෙන යන අතර එම ස්ථානයේ තිබී උපත් පාලන කොපු විශාල ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට යොදා ගන්නා උපකරණයක් ද පොලිස් බාරයට ගෙන ඇත