සාලියවැව හතේ කණුව විහාරස්ථානයක ප්‍රධාන හිමිනමට සහය දක්වන පිරිස හා විරෝධය දක්වන පිරිස දෙපිලක් බෙදී ගැටුම් ඇති කර ගෙන ඇති අතර මෙම හිමිනම මීට පෙර වෙනත් විහාරස්ථානයක වැඩ සිට නැවත වැඩම කල අවස්තාවේදී මේ ගැටුම හටගෙන ඇති බවයි සාලියවැව පොලීසිය සඳහන් කර සිටියේ.
මෙම සිදුවීමෙන් එක් අයකු පිහි ඇනුමකට ලක්ව ඇති අතර විහාරස්ථානයේ දේපල වලට ද දැඩි අලාභ අලාභ හානි සිදුව තිබේ. පිහි ඇනුමට ලක්ව ඇත්තේ විහාරාධිපති හිමියන්ට විරෝධය පළ කෙරුණු පුද්ගලයෙකුට ය. මේ වන විට වාර්තා වෙන්නේ සැකකරු අත්අඩංගුවේ පසුවන බවයි.
