නීති කැඩුවොත් අවුරුද්දක් හිරේ

ඉන්දුනීසියාවේ සම්මත කර ඇති නව නීතියක් වන්නේ විවාහයෙන් හෝ නීත්‍යානුකූල ලෙස එකට සිටින යුවළ හැරුණුකොට වෙනත් අයට ලිංගිකව එක්වීම තහනම් කිරීමයි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එරට සංචාරකයින්ට මෙන්ම ලෝ ප්‍රකට බාලි දූපත් හි සංචාරයකයින්ට ද මෙම නව නීතිය බලපානු ඇති බවය.
නීතිය උල්ලංඝනය කරන අයෙකුට වසරක උපරිමයක් දක්වා සිර දඬුවම් පැනවීමේ හැකියාව ඇති අතර මාස 06ක කාලයකට පුනුරුත්ථාපන ක්‍රියාවලියකට යොමුකිරීමේ අවස්ථාවක් ද පවතින බව සඳහන්ය.