
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වර්ෂයට නියමිත තෙවන පාසල් වාරය අවසන් කිරීම හා 2023 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, 2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ) තෙවන වාරය 2023 මාර්තු මස 24 වන සිකුරාදා (හෙට) අවසන් වේ.
2023 වර්ෂයේ පළමු පාසල් වාරය 2023 මාර්තු 27 සඳුදා දින ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ එම නිවේදනයේ සඳහන් වේ.