නවසීලන්තයට ද්විත්ව ශතක

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර නවසීලන්තයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද්විත්ව ශතක වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් සහ හෙන්රි නිකොල්ස් සමත් විය. කේන් විලියම්සන් ලකුණු 215ක් ද හෙන්රි නිකොල්ස් නොදැවී ලකුණු 200ක් ලබා ගත්හ. නිකොල්ස්ගේ ලකුණු සංඛ්‍යාව ටෙස්ට් ඉනිමකදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.

පළමු ඉනිම අත්හිටුවන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 580ක් ලබා ගත්හ. ඩෙවෝන් කොන්වේ ද ලකුණු 78ක් රැස් කර ගෙන තිබිණි.

කසුන් රාජිත කඩුලු 2ක් සහ ධනංජය ද සිල්වා හා ප්‍රභාත් ජයසුරිය එක් කඩුල්ල බැගින් ද බිඳ දැමූහ.