දේපළ කොල්ලකන්න කාන්තාවන් 3ක් මරලා

දේපළ කොල්ලකෑම සඳහා කාන්තාවන් මරා දැමීම සම්බන්ධයෙන් ඇල්පිටිය අවිත්තාව ප්‍රදේශයේදී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි යගිරල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය සඳහන් කළේ කාන්තාවන් තිදෙනෙකු ගෙල සිර කර ඝාතනය කිරීමක් සම්බන්ධව ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශය අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවය. මතුගම, කළුතර සහ ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණවල ද සැකකරු සම්බන්ධයෙන් නඩු පවතින බව අනාවරණය වී තිබේ.

පොලිසිය විසින් සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී කොල්ලකන ලද රන්මාලයක්, කරාබු ජෝඩු 03ක්, ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගැනීමට හැකි වී තිබේ.