දෙවැනි තරගයට වැස්සෙන් බාධා

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි දී අද (28) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි එක්දින තරගය, නොකඩවා ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් අවලංගු කර ඇතැයි වාර්තා වේ.

දෙරට අතර පැවති පළමු එක් දින තරගය ලකුණු 198කින් ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

තරගාවලියේ තෙවැනි තරගය සිකුරාදා හැමිල්ටන්හිදී පැවැත්වෙනු ඇත.