දෙදෙනෙක් අභිරහස් ලෙස ඝාතනය කරලා ?

සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරු දෙකක් පින්නවල සහ මහඔය යන ප්‍රදේශවලදී අද (23) දින සොයා ගෙන තිබේ.

පින්නවල පෙට්ට්‍රොෂෝ රක්ෂිතයේ තිබී සැකකටයුතු ලෙස මියගිය එක් පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති අතර ඔහු 36 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති බව පොලීසිය පැවසීය. එම පුද්ගලයා මානසික ආබාධයකින පෙළෙමින් සිටි අතර ඔහු අතුරුදන්ව ඇතැයි ඔහුගේ පියා විසින් පසුගිය 16 වන දින පින්නවල පොලිසියටපැමිණිල්ලක් කර තිබිණි.

අනෙක් මළ සිරුර මහඔය පදියතලාව මාර්ගයේ 66 කණුව තේක්කවත්ත මාර්ගයේ සපත්තු පාලම අසල ඇළ මාර්ගයේ තිබී සොයා ගෙන ඇති අතර පොලිසිය පැවසුවේ එම මළ සිරුර අසල තිබී පාපැදියක් ද සොයා ගත් බවයි. මිය ගිය එම පුද්ගලයා 41 හැවිරිදිය. ඔහුගේ මරණය සිදුව ඇති ආකාරය සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නැත. මේ සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.