
ඊයේ (26) බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක ගැටී 16 හැවිරිදි පාසල් සිසුවකු මිය ගොස් තිබේ. මහනුවර, මුල්ගම්පොළ ප්‍රදේශයේ ගුවන් පාලම අසලදී දුම්රියක ගැටීමෙන් එම සිසුවා මිය ගොස් ඇති බවයි මහනුවර පොලිසිය පවසන්නේ.
මියගොස් අත්තේ, මහනුවර ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන, මාදබෝවල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබා ගනිමින් පදිකයින් ගමන් කරන ගුවන් පාලමේ නොයා දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමේදී මෙම අනතුර සිදු වී ඇති බව අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.