
ගාල්ල කොග්ගල ප්‍රදේශයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම දුම්රිය නුවර සිට මාතර දක්වා ධාවනය වූ දුම්රියකි. එම මෝටර් රථය කොග්ගල පොහොර ගබඩාව අසල දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙලෙස දුම්රියේ ගැටී අනතුරට ලක්ව ඇත.
දුම්රියේ ගැටුණු මෝටර් රථය මීටර් 200ක් පමණ දුරින් පිහිටි කොග්ගල ගුවන් හමුදා කඳවුර අසල පිහිටි දුම්රිය හරස් මාර්ගය දක්වා දුම්රියේ පැටලී ඇදි ගොස් තිබේ. මෝටර් රථය තුළ සිරවී සිටි පුද්ගලයින් දෙදෙනා ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා එළියට ගෙන ඇතත් ඔවුන් ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව වාර්තා වේ.