දිය ඇල්ලේ සැඟවුණු තරුණයින් සොයා ගනී

ජීවිත හතරක් බිලි ගත් ඇල්ලවල දිය ඇල්ලේ අතුරුදන් වූ ජීවිත තුනක් සොයා අද (22)උදෑසන සිට මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි වැල්ලවාය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය .

සමන්තුරේ කල්මුණේ හා සයින්දමරුදු ප්‍රදේශවල පදිංචි තරුණයින් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (21) දිනයේ මෙම ඇල්ලවල දියඇල්ලට පැමිණ ඇති අතර ඔවුන් අතුරින් හතර දෙනෙකු දියනෑමට ගොස් අතුරුදන් වී තිබුණි

අධික වර්ෂාව හා තද සීතල හේතුවෙන් ඊයේ සවස 6 වන විට සොයා ගනීමට හැකි වූයේ අතුරුදන් වූ පුද්ගලයින් අතුරින් එක් පුද්ගලයකුගේ මළ සිරුරක් පමණි. දියේ ගිලී අතුරුදන් වූ අනෙක් තරුණයින් තිදෙනා සොයා ඒ අනුව අද දිනයේ මෙහෙයුම් ආරම්භ කළ අතර එම මළසිරුරු තුන ද ගොඩගැනීමට නාවික හමුදාවේ කිමිදුම්කරුවන් සමත් විය.

අධික ශීතල සහ දැඩි සැඩ පහර හේතුවෙන් සිරුරු ගොඩ ගැනීමට අසීරු වුණ බව වැල්ලවාය පොලිසිය පැවසීය.

ජී.අයි.ආර්. ගරුසිංහ
වැල්ලවාය