දියවඩන නිලමේ හමුවන්නට C.I.D.ය යති

වර්තමානයේ මහත් ආන්දෝලනයකට තුඩුදී තිබෙන ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් දෙදෙනකු විසින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කර තිබේ.

ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විමර්ශන ආරම්භ කොට ඇති අතර අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නායක හිමියන් , මල්වතු පාර්ශවයේ මහා නායක සුමංගල මහා නා හිමියන් සහ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග මහතා විසින් දෙසැම්බර් මස 31 වැනි දින දී ජනාධිපතිවරයාට ඒ සම්බන්දව ලිපියක්ද යොමු කොට තිබුණි .