දියණිය මංගල ගමනේ යනවිට පියා අවමංගල ගමනේ

තම බාල දියණිය එළඹෙන 16 වැනිදා විවාහ දිවියට එළැඹීමට නියමිතව තිබී ඇති අතර විවාහයට අවශ්‍ය වැඩ කටයුතු සංවිධානය කර ගැනීමට බාල දියණිය මනාලයාගේ නිවසට ගොස් එහි සති දෙකක් රැඳී සිට තිබෙන අතර පියා විසින් මෙසේ තම දිවි හානි කොටගෙන ඇත. නිවෙසේ එළවළු කපන පිහියකින් ගෙල කපාගෙන සියදිවි හානි කර ගත් දෙහිඕවිට, දෙල්ඔළුව ප්‍රදේශයේ දෙදරු පියාගේ වයස අවුරුදු 63ක් කි.

පොලිසිය පවසන්නේ සිදුවූ මෙම මරණය, පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ සියදිවි හානි කර ගනිමින් සිදුවූවක් බවයි .