දින දෙකක් වයසැති බිළිඳියක් ත්‍රිකුණාමලය මහ මඟ

75 වන නිදහස් දිනයදා දින දෙකක් වයසැති බිළිඳියක් ත්‍රිකුණාමලය සර්ධාපුර මාර්ගයේ දමා ගොස් තිබියදී ගම්වැසියන් විසින් සොයාගෙන තිබේ.
බිළිඳියගේ හීන් කෙඳිරි හඬ හේතුවෙන් ගම්වැසියන් සෝදිසි කර බැලීමේ දී දරුවා සොයාගෙන ඇත.

පසුව බිළිඳාව පොලීසියට භාර දී ඇති අතර, මේ වනවිට රෝහල්ගත කර තිබේ.

බිළිඳියගේ ඇඳුම් සියල්ල ඉවත්කර අධික වර්ෂාව පවතින මොහොතක මාර්ගයේ දමා ගොස් සිට ඇතැයි ද අනාවරණය වී ඇත.