
අද දිනයේ තෙල් මිල ඉහළ යාම සමඟ අපේ රට තුළ සැලකියයුතු වෙනස්කම් රැසක් සිදුවුණා.මේ ඒ පිළිබඳ සමාලෝචනයයි.
නව මිල ගණන්
අද අලුුයම 03 සිට සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කරනු ලැබුවා.ඒ අනුව ඔක්ටේන් 92 1L නව මිල රු.420, ඔක්ටේන් 95 1L නව මිල රු.450, ඔටෝ ඩීසල් 1L නව මිල රු.400, සුපර් ඩීසල් 1L නව මිල රු.445. ලෙස නව මිල සඳහන් කරනු ලැබුවා.
එම මිල සංශෝධනය සමඟ ලංකා අයි.ඕ.සී සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව ඉන්ධන මිල ඉහළ දැමීමට අද පියවර ගනු ලැබුවා.
අද (24) අලුයම 03 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කළා.
ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල සහ අනෙකුත් සාධක සලකා බලා ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල ඉහළ දැමීම සිදුකර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊයේ (23) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අදාළ මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය හිමිවීම සමඟ මෙසේ තෙල් මිල ඉහළ දමනු ලැබුවා.
මේ සමඟම සෑම දෙසතියකට වරක් හෝ මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා.
මෙම මිල සංශෝධනයෙහි ලාභාංශ ඇතුළත් කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව විසින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 82කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 420ක් වේ.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 77කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 450ක් .
ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 111කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 400ක් බවට පත්වුණා.
සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 116කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 445ක් ලෙස ඉහළ යනු ලැබුවා.
මෙම මිල ඉහළ දැමීම සමඟ ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට එම සංගම් තීරණය කොට තිබෙනවා.
ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 90 ක් ලෙසද එතැන් සිට කිලෝමීටරයකට රුපියල් 80 ක් බැගින්ද වන පරිදි ගාස්තු සංශෝධනය කරන බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් ප්‍රකාශ කරනු ලැබුවා.
මේ අතර මේ අතර අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තුව සියයට 19.5 කින් ඉහල දැමීමට අනුමැතිය ලැබී තිබෙනවා.
අවම බස් ගාස්තුව රුපියල් 32 දක්වා ඉහළ යන අතර දුර ගමන් සේවා ගාස්තු විශාල වශයෙන් මේ අනුව ඉහළ යනු ඇති.එමෙන්ම මේ සමඟ අධිවේගී මාර්ගවල බස් රථ ගාස්තුවද ඉහළ යනු ඇත.
එමෙන්ම කොත්තු, ෆ්‍රයිඩ් රයිස් හා බත් පැකට්ටුවක මිල 10% කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසා තිබුණා.
රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ සීමාවේද වෙනසක් මේවනවිට සිදුකර තිබෙනවා.
ලංකා අයි.ඕ.සී ඉන්ධන සීමාව පහත පරිදියි
යතුරුපැදි – රු.2,500,
ත්‍රිරෝද රථ – රු.3,000,
වෙනත් වාහන – රු.10,000
වාණිජ ප්‍රවාහන කටයුතු සඳහා යොදාගන්නා වාහනවලට අසීමිතයි
මේ අතර භූමිතෙල් මිල සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (මැයි 24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරනු ලැබුවා.එහෙත් භුමිතෙල් මිල සංශෝධනය කිරීමේදී හඳුනාගත් පිරිසකට මාසිකව මූල්‍ය ආධාරයක් ලබා දීමට ද බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එක්සිම් බැංකුවෙන් ලංකාවට සහයක්
ශ්‍රී ලංකාවට අවශ්‍ය පෙට්‍රෝලියම් නිෂ්පාදන ඉන්දියාවේ එක්සිම් බැංකුවෙන් කෙටි කාලීන ණය මුදක් ලබා ගැනීමට ද කැබිනට් අනුමැතිය හිමිවුණා.
ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබා ගැනීමට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යොජනා කර තිබූ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණා.

පෙට්‍රල් හිඟය හේතුවෙන් රෝහල්ගත කිරීමට ප්‍රමාදවීම නිසා හල්දුම්මුල්ල රඳාකදුර ප්‍රදේශයේ දින දෙකක් වයසැති බිළිඳියක් ජීවිතක්ෂයට පත්වූ අනුවේදනීය පුවතක් ද ඊයේ වාර්තා වුණා
පසුගිය (21) වැනිදා රාත්‍රියේ හදිසියේ අසනීප වී ඇති මෙම බිළිඳිය රැගෙන රෝහලට පැමිණීම සඳහා ත්‍රිරෝද රථයට ඉන්ධන සොයාගැනීමට පැයක පමණ කාලයක් ගතවූ බව බිළිඳියගේ මව්පියන් දියතලාව සහකාර අධිකරණ වෛද්‍යවරයා සමග පවසා තිබෙනවා.
හල්දුම්මුල්ල දිස්ත්‍රික් රෝහලට ගෙන යන විටත් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ ඇය කඩිනමින් ගිලන් රථයක් මගින් දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබෙන නමුත් එහි හදිසි ප්‍රතිකාර ඒකකය තුළදී අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණා.
බිළිඳියගේ මරණ පරීක්ෂණයට සහාය දුන් දියතලාව මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනක් මගින් මෙම ඛේදජනක සිදුවීමට මුල් වූ හේතුව අනාවරණයවුණා.එම වෛද්‍යවරයා ඔහුගේ ෆේස් බුක් ගිණුමේ මෙසේ සටහනකොට තිබුණා.
“දියතලාව රෝහලේ මාගේ 86වෙනි මරණ පරීක්ෂණය සහ වේදනාත්මකම මරණය.දින දෙකක් වයසැති මේ පොඩි දුව මව්කිරි බීම අඩු වී කහවීම හේතුවෙන් ලේවල සීනි අඩුවීම නිසා ගෙදරදී ගැහෙන්න අරගෙන.
හල්දුම්මුල්ල රෝහලට ගේන්න තාත්තාට ත්‍රී වීල් එකට පෙට්‍රල් හොයන්න පැයක් විතර ගිහින්.
දියතලාව රෝහලට ගේද්දි දරුවා හුස්ම අදිනවා.
දියතලාව ETU එකේදි දරුවා නැතිවුණා.
අර පැය පරක්කු උනේ නැත්නම් බේරගන්න තිබ්බා.
මාස 9ක් බඩේ තියාගෙන දවස් දෙකක් තුරුලේ තියාගෙන පැට්‍රල් ලීටරයක් නැතුව දරුවෙක් නැති උනා කියන දුක ජීවිත කාලෙටම වදදේවි.”
උපුටා ගැනීම අවසන්.
තෙල් මිල වැඩිවීම සමඟ මෙරට බොහෝදෙනා පාපැදි භාවිතයට හුරුවෙමින් සිටිනවා.ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ද සිය ගමනාගමන කටයුතු සඳහා පාපැදිය භාවිතයට යොමු වූ බව ඇය තම ෆේස් බුක් පිටුවේ සඳහන්කොට තිබුණා.
අද සිට සිය ගමන් සහකරු” ලෙස සටහනක් තබමින් ඇය පාපැදියෙන් රාජකාරිය සඳහා යන ඡායාරූප ද එක් කොට තිබුණා.

මෙලෙස වැඩිවන තෙල් මිල ශ්‍රී ලංකාවේ ජන ජීවිත රැසකට සෘජුව බලපා තිබෙනවා.කෙසේවෙතත් අදත් රට පුරා තෙල් පෝලිම් දක්නට ලැබුණා.