
පිදුරුතලාගල රක්ෂිතයේ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් හමු වී ඇත.
නුවරඑළිය පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ සෝදිසියකදී මෙම පුද්ගල මළ සිරුර සොයාගෙන ඇති බව වාර්තා වේ.
මියගොස් ඇත්තේ 72 හැවිරිදි පුද්ගලයෙකි. මොහු ඊයේ (09) උදෑසන පිදුරුතලාගල රක්ෂිතයට දර කැඩීමට ගොස් යළි නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සිදු කළ සොයාබැලීමකදී මෙලෙස ඔහුගේ මළසිරුර සොයාගෙන තිබේ.
මළ සිරුර මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ තවමත් පවතින බව වාර්තා වේ.