දරුවාට වද දී රට බිරියගෙන් මුදල් ගැරූ පියා රිමාණ්ඩ්

විදෙස් රටක සේවය කරන සිය බිරියගෙන් මුදල් ගෙන්වා ගැනීම සඳහා තම කුඩා දියණියට වද දුන් පියෙක් ගැන පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දියණියට පියා විසින් අමානුෂික ලෙස පහරදෙන බවයි වාර්කා වන්නේ.

පහර කෑමෙන් වේදනාවෙන් හඬා වැටෙන දැරිය වීඩියෝ කර සිය බිරියගේ දුරකතනයට යවන බව අනාවරණය වී තිබේ. දැරියගේ හඬා වැටීම ගණන් නොගන්නා මෙම නරුම පුද්ගලයා තමන්ට මුදල් අවශ්‍ය සෑම මොහොතකම මෙවැනි වීඩියෝ පට බිරියට යවයි.

මෙම සාහසික පහරදීම හේතුවෙන් බකමූණ ප්‍රදේශයේ පදිංචි දරුවාගේ පියා ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගැණුනු අතර ඔහු අද (10) හිඟුරක්කොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔහු මීට පෙර ද විවාහකයකු වී සිටි අතර දරුවන් දෙදෙනෙකුගේ පියකු බව ද වාර්තා වේ.