ඉන්දියන් – ලංකා තෙල්වලට ඒකාබද්ධ මිල සූත්‍රයක්
ඉන්දියන් ඔයිල් සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් හදුන්වා දීමට කටයුතු කරන බවත් ඒ සදහා සාකච්ඡා මේ වනවිට පැවැත්වෙන බවත් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙහිදී පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ අද(28) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට හමුවේදීය.
ඛනිජතෙල් සැපයුම අඛණ්ඩව සිදු කිරීම සදහා මුතුරාජවෙල පර්යන්තය පැය විසිහතරකම සේවය කරන බවත් ආදාළ නිලධාරීන් ප්‍රමුඛ සේවක මඩුල්ල හැකි උපරිම කැප කිරීමකින් සේවය කරන බවත් අමාත්‍යරයා එහිදී පැවසීය.