
සඳුදා (පෙබ. 6) අලුයම ගිනිකොණදිග තුර්කියේ, සිරියානු දේශසීමාව ආසන්නයේ ඇතිවූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 5000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම භූ කම්පනය නිසා තුර්කියේ සහ සිරියාවේ පුද්ගලයන් විශාල දෙනෙක් මියගි අතර දෙරටේම තුවාල ලැබූ සංඛ්‍යාව 20,534ක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ සිරියාවෙ මරණ 1602ක් තහවුරු කර ඇති බවත් තුර්කියේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3419ක් ලෙස තහවුරු කර ඇති බවත්ය.
ගාසියාන්ටේප් නගරය ආසන්නයේ ඇතිවූ මේ භූමිකම්පාව අවසන්ව ස්වල්ප වේලාවකට පසු ඒ ආසන්නයේම දෙවැනි භූ කම්පනයක් ද ඇතිවිය, එය ද පළමුවැන්න තරමටම ප්‍රභල විය.
