තුනෙන් එකකට රැකියා හිංසන

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් නිකුත් කර තිබෙන “Lloyd’s Register Foundation” වාර්තාව අනුව ලොව පුරා රැකියා ස්ථානවල ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම් ප්‍රමාණය වැඩිවී තිබෙන බව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
පසුගිය වසරේ සමීක්ෂණයට සහභාගී වූ රටවල් 121 ක කම්කරුවන් 75,000 න් 22% කට වඩා ප්‍රචණ්ඩත්වයකට හෝ හිරිහැරයකට මුහුණ දී තිබෙන බව එහි සඳහන් වේ.
එමෙන්ම රැකියාවේදී හිරිහැරවලට මුහුණ දුන් පුද්ගලයන්ගෙන් තුනෙන් එකක් පවසා ඇත්තේ තමා ශාරීරික, මානසික සහ ලිංගික හිංසනයට සහ හිරිහැරවලට මුහුණ දුන් බවකි. පිරිමි සහ ගැහැණු යන දෙපිරිසෙන්ම 17.9% ක් ඔවුන්ගේ රැකියාව අතරතුර යම් අවස්ථාවක එය අත්විඳින බව මෙම වාර්තාවේ තවදුරටත් සඳහන්ය.