තිලිණි ප්‍රියමාලිගේ ජීවිතය ට සී අයි ඩී එක කරන විනාශය

තිලිණි ප්‍රියමාලි ව සී අයි ඩී එක රේප් කරන විදිහ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2022.10.05 දින සිට “මුදල් වංචාවක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින තිළිණි ප්‍රියමාලිගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බව ප්‍රකාශ කරමින් ඇයගේ නීතිඥවරුන් කණ්ඩායමක් මානව හිමිකම් කොමිෂන් සභාවට 2022.11.08 දින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලිකරුවන් සමග වංක සහයෝගයෙන් කටයුතු කරමින් සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිවාසිකම අහිමි කර ඇති බව පවසමින් පිළිබඳව පැමිණිලි කරන ලදී…

එහි දී තිළිණි ප්‍රියමාලිගේ නීතිඥවරු කණ්ඩායම මානව හිමිකම් කොමිසමට මූලික වශයෙන් දැනුම් දී ඇත්තේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් ලෙස සඳහන් කර ඇති මිනිස් අයිතිවාසිකම් තිළිණි ප්‍රියමාලිගේ සිදුවීමේදී අහිමි කර ඇති බවයි..

අත්අඩංගුවට ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථා ගණනාවකදී තිළිණි ගෙන් මෙන්ම මෙම විමර්ශනයට අදාළ පාර්ශව ගණනාවකගෙන් ලබාගන්නා සෑම ප්‍රකාශයක්ද පැය කිහිපයක් ඇතුළත විද්‍යුත් මුද්‍රිත අන්තර්ජාල හා සමාජ මාධ්‍ය වල එම සිදුවීම් වල අතිශය සංවේදී කරුණු සහ රහස්‍ය තොරතුරු ද පමණක් නොව ජංගම දුරකථනයේ සමහර හඬ පට වීඩියෝ පට පවා ඉතාමත් නීති විරෝධී ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍යය වලට නිකුත් කර ඇති බවයි…

නීතිඥ කණ්ඩායමේ පැමිණිල්ලට අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දොළොස් වන ව්‍යවස්ථාව මඟින් ආරක්ෂා කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් ගණනාවක් ම ද මෙහිදී කඩකර කඩ කර ඇත..

පුරවැසියකුට සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම එනම් සමානයන් ට සමාන ලෙස සැලකුම් ලැබීමට ඇති අයිතිය තිළිණි ට අහිමි කර ඇති බව නීතිඥ කණ්ඩායම පවසයි..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(05) ආරක්ෂා කර ඇති ඇයගේ නිර්දෝෂීභාවය පූර්ව නිගමනය නැමැති මූලික මිනිස් අයිතිවාසිකමද කඩ කර ඇත…

සාධාරණ නඩු විභාගයක් වෙනුවෙන් අවම කරුණු දැක්වීමකට ද අවස්ථාව හිමි වී නැත….

මානව හිමිකම් කවුන්සිලයට ඉහත පැමිණිල්ල 2011.11.08 දින තිළිණි ප්‍රියමාලි වෙණුවෙන් නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන ඇතුළු නීතිඥ කණ්ඩායමක් විසින් පැමිණිලි කිරිම සිදු කර ඇති අතර, පහත දැක්වෙන්නේ එකී අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝ දර්ශනයි..

එකී නීතිඥ කණ්ඩායම පවසන අන්දමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඕනෑම සැකකරුවෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික වශයෙන් ලබාදී ඇති මිනිස් අයිතිවාසිකම් ඉතා වංක සහයෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩකිරීම සිදු කර ඇත…