මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලි ඇතුළු සිව් දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එම සැකකරුවන් නොවැම්බර් මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය අද (නොවැ. 16) නියෝග කර ඇත.
තිලිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන, පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර නමැති සැකකරුවන් මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.