තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ඊයේ (30) රාත්‍රියේදි නාඳුනන පිරිසක් විසින් කළ පහරදීමකින් මට්ටක්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයකු මරණයට පත්ව තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ මට්ටක්කුලිය කැළණි ගඟ මෝල පාරේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.

මියගොස් ඇති පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටියදී තිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් ඔහුට තියුණු ආයුධවලින් පහර දී පළාගොස් ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මට්ට්ටකුලිය පොලිසිය විමර්ශන කටයුතු සිදු කරන අතර මේ වන විට සැකකරුවන් පිරිස හඳුනාගෙන ඇති බව පවසයි.