තැපෑලත් වර්ජනයක

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ අද (11) පස්වරු 4.00ට ආරම්භ කළ සංඛේත වැඩ වැඩවර්ජනය (12) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක කිරීමට සුඋදනම් බවය.
අභියාචනා මණ්ඩලවලින් වෘත්තීය සමිති ඉවත් කිරීම, තැපැල් හුවමාරුවේ පවතින අතිකාල ක්‍රමයන් සංශෝධනය කිරීම සමඟින් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරනා බව බණ්ඩාර මහතා පවසා සිටියේය’
තව දුරටත් ඔහු පවසා සිටියේ’

‘අද පස්වරු 4 සිට සමස්ත තැපැල් සේවකයින් එක්දින වැඩවර්ජනයක් ආරම්භ කළා. මේ මොහොත වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු අද දින රාජකාරි කරන සියළුම තැපැල් මධ්‍යස්ථානවල මේ වැඩවර්ජනය ආර්මභ කරලා තියෙනවා. ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එම වැඩවර්ජනය ක්‍රියාත්මකයි. මේ ඉල්ලීම් පිළිබඳව දේශපාලන අධිකාරිය සහ තැපැල් බලධාරීන් අවස්ථා ගණනාවකදී දැනුවත්කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් සමග සාකච්ඡාකරලා විසඳුම් නොලැබීම තුළ තමයි මේ වැඩ වර්ජනය අද අපි ක්‍රියාත්මක කරන්නේ. වර්ජනයේ බලපෑම් තුළ අද පස්වරු 4.00 සිට හෙට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දිවයිනේ කිසිදු තැපැල් සේවයක් සිද්ධ‌ වෙන්නේ නැහැ.’