
ලබන අප්‍රෙල් 25 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ප්‍රකාශයට පත් කර තිබෙන දිනවලදී සිදු නොකෙරෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
ඒ අනුව මාර්තු 28, 29, 30, 31 හා අප්‍රේල් 03 යන දිනවලදී සිදුකිරීමට සැලසුම් කර තිබූ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු එම දිනවල සිදු නොකෙරෙනු ඇත.
එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිසම ඉදිරි දින කිහිපය තුළ තීරණයකට එළැඹෙන බවද මැතිවරණ කොමිසම නිවේදනය කරයි.