ත්‍රෝබෝල් ශූරතාවය ශ්‍රී ලංකාවට

දකුණු ආසියානු ත්‍රෝබෝල් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාවය හිමි කර ගත් අතර මෙහිදී ජාතික කණ්ඩායම නියෝජනය කරන ඌව පරණගම උලුගල මියුරු නිම්සර සිසුවාට විශාල පිළිගැනීමක් හිමි විය.

බංග්ලාදේසයේ ඩකා අගනුවර පැවති ත්‍රෝබෝල් තරගාවලියේ ජාතික පාසල් සිව්කොන් තරගාවලියේ රටවල් හතරක් නියෝජනය කරමින් පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාවය දිනා ගත් අතර, මෙම තරගයට ඉදිරිපත් වූ ඌවපරණගම යහලඅරාව මහා විද්‍යාලයේ නියෝජන කළ ක්‍රීඩකයා, වැලිමඩ නගරයේ සිට රථ පෙළපාලියකින් ඌව පරණගම උලුගල ගම්මානයට රැගෙන එන ලදී. මේ සඳහා ප්‍රදේශයේ විශාල ජනතාවක් එක් රැස්ව සිටියහ.

ලුසන්ත රත්නායක
වැලිමඩ