
ඇෆ්ගනිස්තානය තුළ පවතින තත්ත්වය පිළිබඳව ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේද අවධානය යොමුවී තිබේ. එයට හේතුව වන්නේ තලෙබාන් පාලනය යටතේ එරට් වැසියන්ට සිදුවන අකටයුතුකම්ය. මේ නිසා එම සංවිධානයට අයත් සාමාජික රටවල් 57ක් ඇෆ්ගනිස්තානයේ පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බව මාධ්‍යන්හි දැක්වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම සංවිධානයේ විශේෂ හමුව සෞදියේ ජෙඩා නුවර පැවති බවත් ඇෆ්ගනිස්තානයේ මානුෂීය තත්ත්වය සහ සංවර්ධනයන් පිළිබඳව වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වූ බවයි.
විශේෂයෙන් ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට තලෙබාන් පාලනය තුළ රාජ්‍ය නොවන සංවිධානවල රැකියාවල නිරතවීමට පැනවූ තහනම සම්බන්ධයෙන් යළි සලකාබලන ලෙස මෙන්ම කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීම අල්ලා දෙවියන්ගේ ක්‍රමවේදය උල්ලංඝනය කිරීමක් බැවින් ඒ පිළිබඳව අවදානය යොමුකරන ලෙස ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය විසින් තලෙබාන් පාලනයෙන් ඉල්ලා සිටී.