තරුණියට බැට දුන් කාන්තාව පොලිසියෙන් සොයයි

පසුගිය සෙනසුරාදා පෙරවරුවේ කොල්ලුපිටියේ සිදුවූ රිය අනතුරින් පසුව මෝටර් රථයේ සිටි කාන්තාවට මහමගදී පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබේ.
සැකකාරිය පිලිබඳ යම් තොරතුරක් දන්නේ නම් කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති 071- 859 15 79 හෝ කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී 071- 859 15 78 වෙත දැනුම්දෙන ලෙස ඉල්ලා සිටී.