
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් නුවරඑළියේ අධ්‍යාපන චාරිකාවක ගොස් එමින් සිටියදී , එම බස් රථය වෙනත් වෑන් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටීමෙන් නානුඔය ප්‍රදේශයේදී ඊයේ (20) පස්වරුවේ දරුණු රිය අනතුරකට ලක්විය.
සිසුන් 41 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය පැවසීය.
බස් රථය එලෙස ගැටීමෙන් එය අඩි 100ක පමණ ප්‍රපාතයකට ගොස් ඇති අතර වෑන් රියේ සිටි 06 දෙනෙකු සහ ත්‍රීරෝද රථයේ රියදුරා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර වෑන් රථයේ සිටි 05 දෙනකු එකම පවුලේ සාමාජිකයින් බව සඳහන් ය.
අනතුර සිදුව තිබුණේ ,අධ්‍යාපන චාරිකාව අවසන් කොට ඊයේ පස්වරුවේ කොළඹ බලා එමින් සිටියදී හැටන් නුවරඑළිය මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගය ප්‍රදේශයේදීය.