තර්ස්ටන්-ඉසිපතන එක්දින තරගයේ ජය තර්ස්ටන් විදුහලට

ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැති 43වන එක්දින තරගය කඩුළු 4කින් ජය ගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත් විණි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉසිපතන විද්‍යාලය නියමිත පන්දුවාර 50 තුළ ලකුණු 203ක් රැස් කර ගත්තේ කඩුළු 9ක් අහිමි කර ගනිමිනි. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි තර්ස්ටන් විද්‍යාලය පන්දු වාර 43යි පන්දු 5ක් අවසානයේ කඩුළු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.