
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඊයේ දිනට සාපේක්ෂව ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල තවත් පහළ ගොස් ඇත. ඒ අනුව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (09) තවත් ශක්තිමත් වී ඇත.
අද (09) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 307.36 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල 325.52 ලෙස සටහන් විය.