නාලක ගොඩහේවා කියයි

නිදහස් ජනතා සභාව කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ මුදල් නොමැති බව කියමින් මැතිවරණය නොතියා රජය බොරු කරන බවයි. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ,
“ආර්ථික ප්‍රශ්නය විසදෙනවට අපි කැමතියි. නමුත් ජනතාවට බොරු පොරොන්දු දීම අනුමත කරන්න බෑ. දැන් රජය හැසිරෙන්නේ සියලු ප්‍රශ්න විසදිලා වගේ. IMF මුදල් ලැබීම තහවුරුයි කියලත් මේ අය කියනවා. මෘදු බංකොලොත් භාවයක් කියලා එකක් නෑ. බංකොලොත් නම් බංකොලොත්. ඒ තත්ත්වය මත කිසිවෙක් ණය දෙන්නේ නෑ.
ණය ගෙවන්න පුළුවන් තත්ත්වයකට රට ගෙන ආ යුතුයි. රටේ ආදායම වැඩි කර ගත යුතුයි. එසේ නොවන්න ණය බරෙන් මිදෙන්න බෑ. ණය අරන් මේ ප්‍රශ්නය විසඳන්න බෑ.ආණ්ඩුවේ බලාපොරොත්තුව ණය ගැනීමයි. මේ ගන්න ණයවල මුදල් ආර්ථික සංවර්ධනයට යොදා නොගත්තොත් වැඩක් වෙන්නේ නෑ . එහෙම කරන බවක් පේන්නේ නෑ.
රුපියල ශක්තිමත් කියලා ආණ්ඩුව කියනවා. ඩොලර් එක පහළට එන බවක් පේනවා.මේක තාවකාලික තත්වයක්. මේ වර්ෂය අග වෙනකොට මේක මීට වඩා වැඩි වෙනවා.
ඩොලරයේ සැපයුමට වඩා ඉල්ලුම අඩු නම් කොහොමත් අඩු වෙනවා.
මර්දනය කරලා ජනතාවගෙ හඬ නතර කරන්න බෑ. ඒක ගලන වතුර අත දමා නතර කිරීමක් වගේ. මේ තැනට තල්ලු නොවී ජනමතය විමසා බැලිය යුතුයි.
දැන් වෘත්තීයවේදීන් මේ රජය විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා තමයි මේ බදු සම්බන්ධයෙන් ඔවුන් සටන් කරන්නේ .
අපේ ශ්‍රී ලංකාවට තනිව නැගිටින්න පුළුවන්. වෙන මුදල් ඒකක දිහා බලා වැඩක් නෑ. දැන් ඉන්දියානු රුපියල ගැන සාකච්ඡා කරනවා. ඒ මත මේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ.
අනුන් මත යැපෙන කොට ඔවුන් කියන විදියට අපට වැඩ කරන්න වෙනවා ඉන්දියාව අපේ මිතුරෙක් වුණාට ඔවුන් වෙනම රටක්. අප ඉන්දියාව මත යැපෙන්න සූදානම් නොවිය යුතුයි.”