ඩෙංගු දරුවන් ගැන අවධානයෙන් සිටින්න

ඩෙංගු රෝග ලක්ෂණ සහිත දරුවන් සිටී නම් ඔවුන් නොපමාව රෝහල්ගත කිරීමට කටයුතු කරනලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මවුපියන් ගෙන් ඉල්ලීමක් කරයි.
මෙවැනි ලක්ෂණ සහිත දරුවන් පමාවී රෝහල් ගත කළහොත් භයානක ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැකි බව ඔහු සඳහන් කරයි.
බාහිර රෝගී අංශවෙත හෝ දරුවන් රැගෙනවිත් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටි‍යි.
ඩෙංගු රෝගී දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දැනට ඩෙංගු රෝගී දරුවන් හතළිහක් පමණ ප්‍රතිකාර ලබන බවත් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඩෙංගු වසංගතය ඉතාමත් කඩිනමින් පැතිරෙන බැවින් ඒ පිළිබඳ අවධානමෙන් සිටින ලෙසද ඒ මහතා ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.